වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

Report

මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම නිසා ගසක ගැටිමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් අනතුරින් මෙසේ තුවාල ලබා ඇති බවයි.

එසේම තුවාලකරුවන් අතර වයස අවුරුදු 10 ක කුඩා දරුවෙක් ඇතුලු පිරිමි පුද්ගලයන් පහක් සහ කාන්තාවන් හයක් සිටින බව ද සඳහන්.

වාහන තුනක් ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් 11ක් රෝහලට

වාහන තුනක් ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් 11ක් රෝහලට

එමෙන්ම අනතුරින් වෑන් රථ රියැදුරු ද බරපතළ තුවාල ලබා ඇත. අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටියදි පැමිණි වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසා මෙසේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන විශාල ගසක ගැටී ඇත.

එහිදී තුවාලකරුවන් වෑන් රථය තුළ සිරවී සිටිය මහත් වෙහෙසක් දරා පොලිස් නිලධාරින් සහ අවට උදවිය එක්ව ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් වෑන් රථයට දැඩි ලෙස අලාභ හානි වී ඇති අතර තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

PUBG ගහලා තමන්ගෙම මව හා සහෝදරයා මැරූ තරුණයාට අවුරුදු 100ක සිර දඩුවමක්

PUBG ගහලා තමන්ගෙම මව හා සහෝදරයා මැරූ තරුණයාට අවුරුදු 100ක සිර දඩුවමක්

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ

ප්‍රෙග්නට් වෙලා ක්ලිනික් එකට යන මුවාවෙන් කුඩු විකුණු කපල් එක මාට්ටූ