මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Piyumika Aug 03, 2024 07:02 AM GMT
Piyumika

Piyumika

Report

රුපියල් දෙකෝටියක මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු සමග හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසු අතර අදාල මුදල් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනකුට අයත් බවද පැවසීය .

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර ලබා දීමේ හැකියාව අපට තිබෙනවා..බිත්තර ආනයනයට සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ විරෝධය..

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර ලබා දීමේ හැකියාව අපට තිබෙනවා..බිත්තර ආනයනයට සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ විරෝධය..

මේ කොල්ලය සම්බන්ධයෙන් වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුර සහ ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මහනුවර කෑගල්ල හා දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පාර්ලිමේන්තුව අසල බිහිසුණු අනතුරෙන් හතර දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට බරපතලයි ..(VIDEO)

පාර්ලිමේන්තුව අසල බිහිසුණු අනතුරෙන් හතර දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට බරපතලයි ..(VIDEO)

සැකකරුවන් සමග රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක්, විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කට්ටල දෙකක්, බූට් දෙකක්, අත්විලංගුවක්, වෑන් රථ දෙකක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ .

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ සහ සිදුව පොලිසිය ස්ථානයේ නිලධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කර තිබේ .

ReeCha