ශ්‍රී පාද වන්දනාවේ යන අය ගැන මේ සුනඛයා දැඩි විමසිල්ලෙන්..03 දෙනෙකුට ඊයෙ කරපු වැඩේ.(PHOTOS)
හැටන්, නල්ලතන්නිය හරහා ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පවසනවා.
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ ඒකකයේ මත්ද්‍රව්‍ය වැටලීමට විශේෂයෙන් පුහුණු කරන ලද ස්ටුවර්ඩ් නැමති සුනඛයා යොදාගෙන මෙම වැටලීම් සිදු කරනු ලබන බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල පොලිස් මාර්ග බාධකයට පහළින් ඊයේ (10) ශ්‍රී පාදය බලා පැමිණෙමින් තිබූ බස් හා වෑන් රථවල සිදු කළ පරීක්ෂාවේ දී ගංජා හා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, එම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන අය බවයි.
ඔවුන් අද හැටන් මහේහ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අදාල ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |






