ලංකාවෙත් Covid එන්නත් නිපදවන කර්මාන්තශාලාවක්..! නිපදවන එන්නත මෙන්න..

covid19 vaccination Sinopharm Liyoo Gingson
By Sewvandhi Sep 10, 2021 03:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට චීනයේ සිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතාගේ අවධානය යොමුව තිබෙන බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

සිනොෆාම් සභාපතිවරයා ඇතුළු එහි ඉහළ පෙළෙ කළමණාකරණ කණ්ඩායමක් හා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අතර පැවැති හමුවකදී මෙම කරුණු අණාවරණය වූ බවයි තානාපති කාර්යාලය පවසන්නේ.

මෙම හමුව පසුගිය 07 දා පවත්වා තිබෙන තර එහිදි ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් සිනොෆාම් එන්නත් අඛණ්ඩය ලබාදීම අගය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පෞද්ගලික ලිපියක්ද තානාපතිවරයා විසින් සිනොෆාම් සභාපතිවරයාට ලබාදී තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ සභාපතිවරයා පවසා ඇත්තේ සිනොෆාම් ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එන්නත් ලබා දෙන බවයි.

සිනොෆාම් එන්නත රටවල් 100 කට අධික සංඛ්‍යාවක භාවිතා කරන අතර රාජ්‍ය නායකයින් 50 කට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් උසස් නිලධාරීන් එන්නත ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා. මේ වනතෙක් සිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින්ට වාර්තා වූ අහිතකර බලපෑම් කිසිවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

-----------------------------------------------------------------

කොවිඩ් ආසාදිතව දරුවන් මිය යෑම වැඩි වෙලා - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now