අද කරන්ට් කැපිල්ලේ විශේෂ වෙනසක් - නම් කළ ප්‍රමුඛතා ප්‍රදේශයට වෙනස්ම විදිහකට කරන්ට් කැපෙන්නේ මෙහෙමයි..

today sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Apr 06, 2022 02:51 AM GMT
krishani

krishani

Report

කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ සඳහා අද (06) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළා.

A,B,C,D,E,F යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 07.30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

G,H,I,J,K,L යන කලාප සඳහා පස්වරු 01.00 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ රාත්‍රි 07.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

මේ අතර කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 03යි විනාඩි 30ක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now