හිස් වූ මහ බැංකු, මුල් පුටුවට නව අධිපතිවරයෙක්.. (PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වීරසිංහ මහතා බ්‍රහස්පතින්දා (07) වැඩ භාරගැනීමට නියමිත බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටින බවය.
බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා පවතා ඇත්තේ තමාට එම තනතුර භාර ගන්නා ලෙස ආරාධනා කළ බවත් තමා ඊට එකඟ වූ බවත් ය.
එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ආචාර්ය වීරසිංහ මහතා ගේ පත්කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර එහි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ නව පත්කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවය.
"මම මහ බැංකු අධිපති තනතුර භාරගන්නවා අප්‍රේල් 07 වනදා ලංකාවට ගිය පසුව."
නමුත් ඔහුගේ සැලසුම් සම්බන්ධයෙන් හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
"මම ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද තත්ත්වය කියලා. නමුත් මම වැඩ දැන්මම පටන් අරං ඉන්නේ," ඔහු පැවසීය.
2011 සිට 2020 දක්වා ආචාර්ය වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරය දැරීය.
ඔහු මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ස්වාධීන උපදේශකයෙක් ලෙස කටයුතු කරයි.
වීරසිංහ මහතා 2010 සිට 2012 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහාද සිය සේවය සැපයීය.
ඒ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වශයෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |