මහබැංකුවෙන් ප්‍රසිද්ධ ආයතන දෙකකට විශේෂ රතු එළි..එයට හේතුවත් ප්‍රසිද්ධ වෙයි..

sri lanka Central Bank of Sri Lanka special announcement gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 02, 2022 04:04 AM GMT
krishani

krishani

Report

වැඩි මිලට විදේශ මුදල් ගණුදෙනු කළ බලයලත් මුදල් හුවමාරු ආයතන දෙකකට අවවාදාත්මක නිවේදන නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත්තේ “ස්විස් මනී එක්ස්චේන්ජ්” පුද්ගලික සමාගමට සහ “වෙස්ටර්න් මනී එක්ස්චේන්ජ්” පුද්ගලික සමාගමටයි.

ඊයේ(01) දිනයේදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවලදී එම ආයතන දෙක විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගණුදෙනු කර, 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බව අනාවරණ වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

එම අවවාදාත්මක නිවේදන මඟින් දැනුම්දුන් කරුණු නිවැරදි කර ගැනීමට අදාළ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන බවද මහ බැංකුව සඳහන් කළා.

මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගණුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන්ට ගණුදෙනු සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කලේ ඉකුත් මාර්තු මස 28 දායි.

ඒ අනුව අදාළ කොන්දේසි උල්ලංඝනය කළ බව පවසමින් ප්‍රසන්න මනී එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට මහ බැංකුව ඉකුත් 31 වනදා කටයුතු කළා. බලය ලත් මුදල් හුවමාරු ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂාවන් සිදුකරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now