වැසිකිළි වළේ තිබී උපත් පාලන කොපු කීපයකුත් හමුවෙලා..පානදුරයම කළඹමින් වැසිකිළි වළක තිබී හමුවූ සුරූපී තරුණිය සියදිවි නසා ගත්තාද..නැත්නම් ඝාතනය කොට එල්ලුවාද..සම්පූර්ණ කතාව මෙන්න !
මේ සම්බන්ධයෙන් අදාළ සංචාරක නිවාඩු නිකේතනයේ සේවකයන් දෙදෙනකු හා පිටස්තර පුද්ගලයකු මේ වනවිටත් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතත් ඇගේ මරණය කෙසේ සිදුවිණිදැයි අනාවරණය කර ගැනීමට ඉකුත් සිකුරාදා හවස් වනතුරුම කිසිදු පොලිස් කණ්ඩායමකට නොහැකි වී තිබේ.
මේ නිසා ඇය මරා වැසිකිළි වළට දැමුවේද නැතහොත් ඇය මරණයට පත්වීමෙන් පසු වැසිකිළි වළට දැමුවේද යන්න තවමත් නොවිසඳී ඇති ගැටලුවකි.
ඉකුත් 29 වැනිදා පින්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන නිවාඩු නිකේතනයේ හිමිකරු මේ සම්බන්ධයෙන් පින්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා තිබුණේ තම හෝටලයේ වැසිකිළි වළක කාන්තාවකගේ මළ සිරුරක් ඇති බව තමාට එක්තරා පුද්ගලයකු විසින් දැන්වූ බවකි.
පසුව පින්වත්ත පොලිස් ස්ථානාධිපති සුරංග රණවීර ඇතුළු කණ්ඩායමක් පින්වත්ත එම නිවාඩු නිකේතනයට ගොස් එහි වැසිකිළි වළ පරීක්ෂා කරද්දී එම වළේ පියන වටා සිමෙන්ති දමා ඇති බවත් එම සිමෙන්ති දිනකට දෙකකට පෙර දැමූ ඒවා බවට සැක මතුකර ගැනීමත් සමඟ මේ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කරන්නට විය.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ හා කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර ඇතුළු උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා අදාළ නිවාඩු නිකේතනය වෙත පැමිණ එය පරීක්ෂාවට ලක්කර ඇත. ඒ වනතුරුත් කිසිදු දුගඳක් හෝටලය තුළ ඇති වැසිකිළි වළ දෙසින් වහනය නොවිණි.
පසුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කිරීමෙන් පසු කාන්තාවකගේ සිරුරක් ඒ තුළ ඇති බව තහවුරු විණි. පසුව පොලිසියේද මැදිහත්වීම මත කාන්තා මළ සිරුර ගොඩ ගැනිණි. තවදුරටත් වැසිකිළි වළ සෝදිසි කිරීමේදී එම වළ තුළ තිබී අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, තියුණු ආයුධයක්, කාන්තා පාවහන් යුගලක්, උපත් පාලන කොපුවක් ඇතුළු තවත් බඩුබාහිරාදිය රැසක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.
සිරුර ගොඩගත්තද ඇය කාගේ කවුද වැසිකිළි වළ තුළට කෙලෙස ඇගේ සිරුර දැමුවේද ඊට සම්බන්ධ වූවන් කවුදැයි සෙවීමේ විමර්ශන එතැන් පටන් ආරම්භ කෙරිණි. පොලිසියේ මූලිකම අවශ්‍යතාව වූයේ මියගිය කාන්තාව කවුදැයි හඳුනාගැනීමය. ඒ ඔස්සේ විමර්ශන කිරීමෙන් පසු ඇගේ මරණයට හා ඇගේ සිරුර වැසිකිළි වළට දැමූ පුද්ගලයන් අනාවරණය කරගත හැකි බව නිලධාරීන්ට වැටහිණි.
උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත පින්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නැවතත් නිවාඩු නිකේතනයේ හිමිකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ අතරතුර නිලධාරීන් හෝටලයේ සිටි සේවකයකු හා නිකේතන හිමිකරුට සිද්ධිය දැනුම්දුන් පිටස්තරයාද සිය භාරයට ගන්නා ලදී. ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ වැසිකිළි වළේ සැඟවූ කාන්තාව ඊට දින දෙක තුනකට පෙර කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවක සිට පින්වත්තේ මෙම සංචාරක හෝටලයට රැගෙන විත් ඇති බවය. සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පොලිසිය වැඩිදුරටත් කරුණු හෙළිකරගෙන ඇත්තේ ඉකුත් 22 වැනිදා රාත්‍රියේ පින්වත්ත සංචාරක හෝටලේ කළමනාකරු හා තවත් පුද්ගලයකු කඩවත සමාජ ශාලාවට ගොස් කා බී විනෝද වී ඇති අතර එහිදී දැන හඳුනාගෙන ඇති ඇයව මෙලෙස ඔවුන් විසින් පින්වත්ත සංචාරක හෝටලය වෙත රැගෙන විත් ඇති බවකි.
එහිදී ඇය හෝටල් අමුත්තන්ගේ පොතේ තමා වයස අවුරුදු 26ක් බවත් පිටස්තරයකු සමඟ හෝටලයේ නවාතැන් ගන්නා බවටත් සඳහන් කර ඇතැයි කියති. මෙලෙස 23 අලුයම රැගෙන පැමිණි ඇය සංචාරක හෝටලයේ ඉහළ මාලයේ ඇති 605 කාමරයේ රඳවා ඇති අතර ඒ සමඟ සිද්ධියට සම්බන්ධ කිහිපදෙනකු ඇය සමඟ වරින් වර සමීප සබඳතා පවත්වා ඇති බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ. කෙසේ වෙතත් ඉකුත් දින හෝටලයේ තවත් සේවකයකුද පින්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුගෙන්ද පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත්තේ අදාළ තරුණිය කුමන හේතුවක් මත වැසිකිළි වළට දැම්මේද යන්නය.
පින්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පවසන අන්දමට සිකුරාදා රාත්‍රිය වනතුරුත් ඇය මරා දැමූ බවක් විමර්ශනවලදී හෙළිවී නොතිබිණි. එහෙත් දැනට ඇති තොරතුරු මත පොලිසිය පවසන්නේ 24 වැනිදා ඇය 605 කාමරයේ එල්ලී සිට ඇති බවත් පසුව ඇය එල්ලී සිටි ලණුව කපා ඇගේ සිරුර රැගෙන වැසිකිලි වළට දැමූ බවට මේ වනවිට හෙළිවී ඇති බවය. එහෙත් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවුරු වී නැති බව පොලිසිය කියයි.
අඩි 5ක් පමණ උසැති මෙම කාන්තාවගේ වම් අතේ මැණික් කටුව අසල පච්චයක් කොටා ඇති අතර ඇය කළු පැහැති ඩෙනිම් කලිසමක් හා කළු පැහැති ටී ෂර්ටයක් ඇඳ සිට ඇති බවත් ඒ ඔස්සේ හෝ ඇය හඳුනා ගැනීමට අවශ්‍ය බවද පොලිසිය කියයි. මේ අතර කාන්තා සිරුරක් වැසිකිළි වළෙන් ගොඩගැනීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ එක්තරා පුද්ගලයකු පිංවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ හෝටල් වැසිකිළි වළෙහි ගොඩගත් තරුණිය විසින් එවූ ටික්ටොක් වීඩියෝවක් තමන් සතුව ඇති බවකි. පසුව ඔහු පිංවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා හමුව එම වීඩියෝව ඔහු වෙත ලබාදී තිබේ. ප්‍රශ්න කිරීමේදී තවදුරටත් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඇය සමඟ තිබූ සබඳකමක් මත ඇය වරින් වර මෙවන් වීඩියේ ඔහු වෙත එවා ඇති බවය.
එම වීඩියෝව ඉදිරි විමර්ශනවලට මහත් පහසුවක් ගෙනදී ඇති අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම ගැන පොලිසිය එම පුද්ගලයාට ස්තුතියද පිරිනමා තිබිණ. මේ අතර අදාළ තරුණිය කවුදැයි සොයා පිංවත්ත පොලිසියේ කණ්ඩායමක් කඩවත පිහිටි සමාජ ශාලාවටද ගොස් විමර්ශන පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය එම සමාජ ශාලාවට පැමිණ ඇත්තේ ඊට පෙර දිනයේදී බවය. ඇය පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් පළවීමත් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා පිංවත්ත පොලිසියට පැමිණි මියගිය කාන්තාවගේ ස්වාමියා මව හා නැඟෙණියන් මියගොස් ඇත්තේ ගනේමුල්ල, බොල්ලත පදිංචි තුෂාරි දිල්හානි නැමැත්තිය බවට හඳුනාගෙන තිබේ.
විසිනව හැවිරිදි ඇය දෙදරු මවකි. පානදුර මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබූ ඇගේ මළ සිරුර හඳුනාගැනීමෙන් පසු ඇගේ සැමියා ඇතුළු මව හා නැඟෙණියන් පොලිසියට මියගිය දිල්හානි සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාදී තිබේ. ඒ අනුව පොලිසිය පවසන්නේ ඇය මීට වසර එකහමාරකට පමණ පෙර සිය නිවෙසින් හා සැමියාගෙන් බැහැර පිටත් වී ඇති බවත් ඒ අතරතුර වරින්වර සිය නිවෙසට යෑම ඒමද සිදුකර ඇති බවත්ය.
කෙසේ වෙතත් හෝටල් කාමරයේ රැඳුණු ඇය දුරකථනය ඔස්සේ සැමියා සමඟ අඬදබර වී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිසිය කීය. ඇය 605 හෝටල් කාමරයේ සවිකර තිබෙන විදුලි පංකාවේ එල්ලී ගෙල වැලලාගෙන සිටිය බවත් අනතුරුව ඇගේ සිරුර වැසිකිළි වළට දමා ඇති බවත් මේ වනවිට කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇතත් එය තහවුරු කිරීම තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකිව ඇත්තේ මරණ පරීක්‍ෂණය පවත්වා නැති නිසා බවත් පිංවත්ත පෙලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළැඹිය හැක්කේ දිල්හානිගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ලැබෙන නිගමනයෙන් බවද පොලිසිය අවධාරණය කරයි. පශ්චාත් මරණ පරීක්‍ෂණය ඉකුත් බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබුණත් පසුව එය සිකුරාදා දක්වා කල් තැබිණ. එම පශ්චාත් මරණ පරීක්‍ෂණයේ තීන්දුවට අනුව දිල්හානි එල්ලී සියදිවි නසා ගත්තේද නැතහොත් ඇය ඝාතනය කොට එල්ලුවේද, එසේත් නැතිනම් ඇය එල්ලා මැරුවාද යන පැති කිහිපයක් ඔස්සේ කරන විමර්ශනයට නිශ්චිත පිළිතුරක් ලැබෙනු ඇතැයි විමර්ශන පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන මූලික පරීක්‍ෂණවලදී අත්අඩංගුවට ගෙන ඇති හෝටල් සේවකයන් දෙදෙනා හා පිටස්තර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර හෝටල් කළමනාකරු හා තවත් සේවකයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි සඳහන්ය.
මේ අතර ඉකුත් සිකුරාදා දිනද මියගිය තැනැත්තියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර නොමැති බවට වාර්තා විය. මියගිය කාන්තාවගේ සිරුර දින තුන හතරක් වැසිකිළි වළේ තිබූ හෙයින් සිරුර නරක් වී ඇති නිසා සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය විශේෂ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ නොබෝ දිනකින් කොළඹදී පැවත්වීමට ඉඩ ඇතැයිද දැනගන්නට තිබේ.
මේ හේතුව නිසා මියගිය තුෂාරි දිල්හානි නමැති දෙදරු මවගේ මරණය සිදුවූයේ කෙසේදැයි නිශ්චිතව දැනගැනීමට තවදුරටත් ප්‍රමද වනු ඇත. එතෙක් දිල්හානිගේ මරණය සැකමුසු අබිරහස් මරණයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |