ජනාධිපතිවරයා විසින් හදිසියේ පැනවූ හදිසි නීතිය..
හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබාදෙන නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.
මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි. එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා.
එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.
ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා. හදිසි අවස්ථා තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම අධිකරණයක දී අභියෝගයට ලක් කළ නොහැකියි බවයි ව්‍යවස්ථා නීතියේ දැක්වෙන්නේ.
හදිසි අවස්ථා තත්ත්වයක් මාසයක කාලයක් සඳහා ජනාධිපතිවරයාට නිකුත් කිරීමට බලය පැවරී තිබෙනවා. මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ද අවස්ථාව ඇත්තේ ජනාධිපතිවරයාටය.
දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි. එය එසේ සිදු නොවුනහොත් නිවේදනය අවලංගු වනවා. සෑම දින 30කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකියි. නමුත් එයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි විය යුතු වනවා.
මෙම හදිසි නීතිය පැනවීම පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන්වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මගින් සීමා කිරීම පැනවෙනවා.
එමෙන්ම හදිසි නීතිය සහ ඇඳිරිනීතිය යනු විෂයයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නක්. ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ද බලය හිමිව ඇති අතර, එහෙත් හදිසි නීතිය හෙවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ එකී ජනරජයේ සේනාධිනායකයාට හෙවත් විධායක බලතල හිමි එකී රජයේ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාටයි.
ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පනවනු ලැබුවේ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා තත්ත්වය වන අතර, එම තත්ත්වය අප්‍රේල් මාසය තුළ ම ක්‍රියාත්මක වනු ඇති.
ශ්‍රී ලංකා ජනරජය ඒකීය ව්‍යවස්ථාවකට හිමිකම් කියනු ලබන රාජ්‍යයක් වන අතර, එහි විධායක බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයා වෙතය.
නමුත් මෙරට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රංශයේ මෙන් ඩිගෝල් ව්‍යවස්ථාවට අනුකූලව සකසමින් දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීමට උත්සාහ කළ නිසා මෙහි ව්‍යවස්ථාදායක වගකියනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩයයි .ඒ සාමූහික වගකීමේ ප්‍රතිපත්තිය යටතේ යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |