"..අවුරුදු 5ක දරුවෙක් දාලා රෑ 12ට පයින්ම ආවේ..මම පාන්දර 4 වෙනකම් මෙතන..මම කතා කළාම කිව්වා, මම පොලිසියෙන් තමයි යකෝ කතා කරන්නේ, තෝ මොකටද මිනිහව එව්වේ ඇහුවා..” - සියලූම පීඩාවන් මිරිහානේ දී පුපුරා ගිය හැටි..තවත් කතා රැසක් එළියට එයි..(VIDEO)
“පාරවල් අස්සෙ තියාගෙන ගහනවා කොල්ලට...”
මිරිහාන ප්‍රදේශයේ පෙරේදා(31) පැවැති විරෝධතාව අතරතුර කාන්තාවක ඇතුළු පුද්ගලයින් 53දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ අතර සිද්ධිය වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ද සිටින අතර ඔහුට පහරදීමක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස රැඳවා සිටි මිරිහාන පොලිස් ස්ථානයට පෙරවරුවේ පක්ෂ කිහිපයක දේශපාලන නියෝජිතයින්ද පැමිණ සිටියා.
අනතුරුව සැකකරුවන් ඉදිරිපත් කෙරුණේ කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවටයි.
සැකකරුවන් ඊයේ පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මේ අතර මිරිහාන ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |