බස්නාහිර පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතියෙහි තත්ත්වය..

curfew police colombo sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 02, 2022 12:51 AM GMT
krishani

krishani

Report

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අද (02) පෙරවරු 06 දක්වා බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

පෙරේදා (31) රාත්‍රියේ දී මිරිහාන ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට අරගලකරුවන් විසින් සිදු කරන ලද කළහකාරී ක්‍රියාකාරකම් හේතුවෙනුයි, වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ කළහකාරීත්වය පාලනය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

වත්මන් රජයේ ක්‍රියාකාරකම්වලට සහ ජන ආර්ථික පීඩනයට විරුද්ධව මහජනයා විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට වරින් වර වීදි බැස අරගල කරන අයුරු දක්නට පුළුවන්.

ඒ අනුව ඊයේ දිනයේ දී ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බේරුවල ප්‍රදේශයේ ද , පුත්තලම නගරයේ ද , විජේරාම ප්‍රදේශයේ ද දැඩි විරෝධතාවක් ජනතාවගේ රැස්වීමෙන් යුතුව ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙනුයි පොලීසිය විසින් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now