බස් නැතිව කොළඹ මගීහු අතරමං - ඉන්ධන නොමැති වුවහොත් බස් රථ ධාවනයත් නතර කරන බවට බස් සංගම් වලින් ප්‍රකාශයක්..
බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි මගීහු ඊයේ (31) දැඩි අපහසුතාවයකට පත් වූහ.
කාර්යාල සේවකයන් මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි මගීන් පැය ගණන් බස් රථ නැවතුම් පොළවල රැඳී සිටිනු දකින්නට හැකි වූ අතර බෙහෙත් ගැනීමට පැමිණි රෝගී ජනතාව ද ඒ අතර සිටිනු දැකගත හැකි විය.
දුරගමන් මෙන්ම නගරාන්තර බස් රථ සේවා වල ද විශාල වශයෙන් අඩුවක් දක්නට ලැබිණි.
කොළඹ පහරවල් බොහොමයක් පාළු ස්වරූපයක් ගෙන තිබෙන ආකාරයක් ද දක්නට හැකිවිය.
දුම්රිය ධාවනය ද නිසි පරිදි නො කෙරෙන පසුබිම යටතේ බස්රථ ධාවනය ද අඩුවීම නිසා තම ගමනාගමන කටයුතු අඩාල වී තිබෙන බව මගීහු පවසති.
සෙනසුරාදා( 2)වන විට ඉන්ධන නොලැබුණොත් සදුදා සිට පූර්ණ වශයෙන් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව මේ වන විට බස් සංගම් ද අනතුරු අඟවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |