අලුත ගෙනා බිරිඳ සතුටු කරන්න තරුණ සැමියා කළ අමුතු වැඩේ..

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 01, 2022 01:08 AM GMT
krishani

krishani

Report

විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර වව්නියාව ප්‍රදේශයේ නිවසක පුවත්පතක් බලමින් සිටි කාන්තාවකගෙන් කොල්ලකරු විසින් බීමට ජලය ඉල්ලා කාන්තාව ජලය ලබාදෙන අවස්ථාවේදී කාන්තාවගේ පවුම් දෙක හමාරක රන්මාලය කඩාගෙන යාමෙන් අනතුරු ඒ පිළිබඳව පරික්ෂණ කටයුතු සිදු කල පොලිසිය විසින් අදාළ කොල්ලකරු යාපනය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල සැකකරු මීට වසරකට පමණ පෙර විවාහ වී සිටින අතරම ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීම මත සිය බිරිඳගේ අවශ්‍යතාවන් සපුරාලීමට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවටත් එක් ස්ථානයක පදිංචි නොවී ප්‍රදේශ කිහිපයක කුලියට නැවතී මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කොට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now