ඩොලර් නැතුව විදෙස් රූපවාහිනී,ශ්‍රී ලංකාව හැර යයි - IPL තරග බැලීමටත් කුමක් වෙයි ද..?

sri lanka gagana news sri lanka sinhala news today trending news Foreign channels
By krishani Mar 31, 2022 08:07 AM GMT
krishani

krishani

Report

රට තුළ පවතින ඩොලර් අර්බුධය හේතුවෙන් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන රැහැන් රහිත ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා රැසක් සිය සේවා සැපයීම නතර කර දමන තත්වයකට පත්ව තිබෙනවා.

ඒ, ඔවුන්ගේ සේවා සැපයීම වෙනුවෙන් ඩොලර්වලින් සිදුකළ යුතු ගෙවීම් සිදුකිරීමේ දී මෙරට පාර්ශව පත්ව ඇති අර්ඉුධකාරී තත්වය හේතුවෙන්.

මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන රැහැන් රහිත රූපවාහිනී නාලිකා පද්ධති 02ක් ඊයේ(30) සිට ඔවුන්ගේ ඇතැම් ජාක්‍යන්තර නාලිකා විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ අතරට මේ වන විට ක්‍රියාත්මක IPL ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදු කළ ඇතැම් නාලිකා ද ඇතුළත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now