ලෝකයක් කම්පා වන අපේ අයට නොපෙනෙන ඇසට කඳුළක් එන ඛේදවාචකය (PHOTOS)
වන අලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් නො කරන බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අම්පාර - පල්ලක්කාඩු ප්‍රදේශයට බැහැර කරන කසළ ආහාරයට ගැනීමෙන් මේ දක්වා අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් මියයෑම පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
කසළ සමඟ පොලිතින් ආහාරයට ගැනීම නිසා ආමාශයේ ඇති වූ ආසාත්මිකතා හේතුවෙන් වනඅලි මිය යන බවට යි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.
මෙම ඛේදජනක තත්ත්වය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ ද අවධානය යොමු වී තිබෙනවා.
වන අලි 20කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවීමට අම්පාර - දීඝවාපිය - පල්ලක්කාඩු ප්‍රදේශයේ පිහිටුවා ඇති කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය මූලික වී තිබෙනවා.
ඒ, කළමනාකරණයකින් තොර ව මෙම ස්ථානයට බැහැර කරන කසළ අලි ඇතුන් ආහාරයට ගැනීම හේතුවෙන්.
අලි මංකඩක් ආසන්නයේ ඉදිකර තිබූ මෙම මධ්‍යස්ථානය, වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඒ වටා ඉදිකළ විදුලි වැට අකුණු සැර වැඳීමෙන් ක්‍රියාවිරහිත වී ඇත්තේ 2014 වසරේදී යි.
එය මෙතෙක් අළුත්වැඩියා නො කිරීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මෙම කසළ කන්ද අලි මංකඩින් ගමන් ගන්නා සද්දන්තයින්ගේ භෝජනාගාරය බවට පත්වීම යි.
අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බල ප්‍රදේශ 9ක කැළි කසළ ටොන් ගණනින් අඩ්ඩාලච්චේනෙයි ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මෙම ප්‍රදේශයට බැහැර කිරීම මේ වනවිටත් සිදුවන්නේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබූ භූමි ප්‍රමාණයද ඉක්මවා යමින් මෙම ස්ථානයට වන අලින්ගේ ආකර්ශණය ද ඊට සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා.
අලි ඇතුන්ගේ පැමිණිම අවහිර කිරිම සඳහා අගල් කැපීමට බලධාරීන් පියවර ගෙන තිබුණත් වර්ෂාවත් සමඟ කසළ කන්දෙන් ගලා එන අපජලය අඟල්වල තැන්පත් වීමෙන් තවත් පරිසර ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ අවධානයද ඊට යොමුවුණා.
පරිසරවේදියෙකු ද වන ලියනාඩෝ ඩිකැප්රියෝ මිලියන 19කට අධික ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ට්විටර් ගිණුමේ එම පුවතට ප්‍රචාරයක් ලබා දී තිබුණා.
මේ අතර, පසුගිය දා අතුරුදන් වූ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි නිල් මාල ගිරවා සහ සත්වෝද්‍යානයෙන් පැනගිය බව කියන නිල් කහ මැකෝ ගිරවා යළි සත්වෝද්‍යානය වෙත ලැබී තිබෙනවා.
එහි ආරංචි මාර්ග සඳහන් කළේ නිල් කහ මැකෝ ගිරවා සත්වෝද්‍යානයේ සිටි ගිරවා බවට තහවුරු වී ඇතත්, නිල් මාල ගිරවා සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ ගිරවා බවට තහවුරු වී නො මැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |





