බස් හිමි ගැමුණු විජේරත්නට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස - ඉවසන්න බැරිම තැන CIDයේ පැමිණිල්ලක් ගොනු කරයි

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාට සමාජ මාධ්‍ය මගින් අපහාස සිදුවන බව පවසමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඔහුගේ පැමිණිල්ලට අනුව මෙට්‍රෝ බස් රථ සම්බන්ධව තමන් කළ ප්‍රකාශකයක් මත සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාස සිදුවන බවත් මෙම ව්‍යාපෘතිය මීට වසර 10කට පෙර තමන් ද ආරම්භ කිරීමට සූදානම් වූ බවත් ඔහු පවසා ඇත.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

වැඩිදුරටත් ඔහු පැවසුවේ මෙම ව්‍යාපෘතිය පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේදීද ආරම්භ කළ බවත් කෙසේ නමුත් මේ සඳහා අධික මුදලක් වියදම් වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථ වූ බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින්, "මෙට්‍රෝ බස් කියන්නේ පහුගිය කාලේ පුරාම අලුතින් ආපු කතන්දරයක් නෙමෙයි. මේක මම 2023 ආර්ථික අර්බුදයෙන් පස්සේ පටන් ගන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා ප්‍රවාහන අමාත්‍යාංශයට. මා සතුව ඒ ලිඛිත ලියවිල්ල තියෙනවා. ඒ සම්බන්ධව අපි චීනයේ එක්සීම් බැංකුවේ ණය අරගෙන තමයි කරන්න ආවේ. මහජන මුදල්වලින්, මහජනතාවගේ බදු මුදල්වලින් නෙමෙයි අපි කරන්න හැදුවේ. මම හැමදාම හැම ආණ්ඩුවකින්ම බැට කාපු පුද්ගලයෙක්. මේ බස්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලේලන්ඩ් ආයතනයෙන් ගෙනාවා. ලේලන්ඩ් ආයතනය රජය සතු කොටස් තියෙන ආයතනයක්. එතකොට රජයේ කොටස් තියෙන මේ ආයතනය මීට අවුරුදු 10කට පහත තට්ටුව තියෙන මෙවැනිම බස් 60ක් ගෙනාවා. ඒ ගෙනාපු බස් දැන් ලේලන්ඩ් ආයතනය ශ්‍රීලංකන් එකට ධාවනය කරනවා. කරුණාකරලා පනාගොඩ ලේලන්ඩ් ආයතනයට ගිහිල්ලා බලන්න තවත් මෙවැනිම බස් 20ක් තියෙනවා. මේක අරුමයක් නෙමෙයි මේක කරන්න බෑ. ඩීසල් වැඩ කරන්නේ කිලෝමීටරයකට 1.5ක් නැත්නම් 2ක්. මෙවැනිම ව්‍යාපෘතියක් පටන් ගත්තා ගෝඨාභය මහත්මයාගේ කාලේ. ඒක අසාර්ථක වුණා ඒකට විශාල පාඩුවක් සිද්ධ වුණා"  

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

බස් හිමි ගැමුණු විජේරත්නට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස - ඉවසන්න බැරිම තැන CIDයේ පැමිණිල්ලක් ගොනු කරයි | Gamunu Wijeratne Complaint On Social Media Insults