රියදුරුට නින්ද ගිහින් - බස් රථය මහ පාරේ කරනම් ගහයි - බිහිසුණු අනතුරින් 12ක් මරුට [PHOTO]

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හංගේරියාවේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් ඇති බවයි. එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 57දෙනෙකු සිට ඇත.

නැගෙනහිර හංගේරියාවේ මොසොක් කෙරෙක්ටස් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත. එරට පොලීසිය සැකපල කරන්නේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවය.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

එරට ආපදා කළමනාකරණ සේවය වාර්තා කළේ ගිනි නිවන භටයින් මේ වන විට බස් රථයේ සිටි පුද්ගලයින් තිස් පස් දෙනෙකු බේරාගෙන ඇති බවත්, මගීන් කිහිප දෙනෙකු වාහනය යට සිරවී සිටි බවත්ය.

මේ අතර, හංගේරියානු අගමැති පීටර් මැග්යාර් ඔහුගේ සමාජ මාධ්‍යවල බස් රථ අනතුර පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් මගීන් දුසිමක් මිය ගිය බව වාර්තා කළේය.

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

රියදුරුට නින්ද ගිහින් - බස් රථය මහ පාරේ කරනම් ගහයි - බිහිසුණු අනතුරින් 12ක් මරුට  | Hungary Bus Accident Kills 12 People