අධිකරණයේ නඩු ගොඩට විසඳුමක් – ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා 9,000ක් ඉදිරිපත් කිරීමට පියවර

Report

ප්‍රමාද වී තිබූ රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ ලබාගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. ප්‍රමාද වී තිබූ මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ රැඳවියන් විශාල පිරිසකට ඇප ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර 33 ආවරණය වන පරිදි හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වීම සඳහා විශේෂ කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති බව ඔහු පැවසීය. නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරයා රැඳවියන් සමඟ සෘජුව සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද විමසා තිබේ.

එහිදී රැඳවියන්ගේ ආහාර හා සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ ගැටලු මෙන්ම ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

වාහන පදවන අයගේ අවධානයට -පොලිසියෙන් හදිසි නියෝගයක්

වාහන පදවන අයගේ අවධානයට -පොලිසියෙන් හදිසි නියෝගයක්

සංචාරකයින් 14 ලක්ෂයේ සීමාව පන්නයි - ඉන්දියාවෙන් සංචාරක රැල්ලක්

සංචාරකයින් 14 ලක්ෂයේ සීමාව පන්නයි - ඉන්දියාවෙන් සංචාරක රැල්ලක්