රටේ මේ දිස්ත්‍රික්ක දැඩි අනතුරක - ඔයාගේ දිස්ත්‍රික්කෙත් අහුවෙනවද බලන්න - දැන්ම දැනුවත් වී සුදුසු පියවර ගන්න
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද දහවල් වනවිට උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක එනම් සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක පවතිනු ඇති බවයි.
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවල ජනජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
මේ අතර, පවතින අධික වියළි කාලගුණයෙන් අනුරාධපුර, පොලොන්නරුව, යාපනය, අම්පාර, මොනරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි
මාස හතරකට ආසන්න කාලයක් වර්ෂාව නොලැබීමෙන් එම දිස්ත්‍රික්කවල කුඩා වැව් රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති අතර ඒ හේතුවෙන් ගවයින් මෙන්ම වන සතුන්ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.
මිහින්තලේ රොටවැව ප්‍රදේශයේද කුඹුරු අක්කර 30ක් පමණ වියළි කාලගුණය හේතුවෙන් විනාශවී තිබේ. ප්‍රදේශය අවට ඇති කුඩා වැව් වන රොටවැව,දුන්වත්තේගම වැව, ඉහළගම වැව මේ වනවිටත් සිඳිගොස් අවසන්ය.
මිහින්තලේ වේලංකුලම ජනතාව තම ජල අවශ්‍යතා සපුරාගැනීම සඳහා භූගත ජලය ලබාගැනීම සඳහා කටයුතු කරයි. මේ අතර, මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල කිවුල්ආර , ඉදිපෑලැස්ස වැව ඇතුළු වැව් රාශියක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සිඳීගොස් තිබෙනවා. ගොවිතැන ජීවනෝපාය කරගත් එහි ජනතාවගේ බටු, බඩඉරිඟු, කෙසෙල් ,තුඹ,තක්කාලි, මිරිස් ඇතුළු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.