ගල්කිස්ස වෙඩිල්ලේ තවත් තොරතුරු එළියට - ඉලක්කය වැරදිලා

Report

ගල්කිස්ස, හුළුදාගොඩ පටුමගේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි හිමිකරුගේ මිතුරෙකු වන 40 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ ස්ථානයට පැමිණ, රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පළාගොස් තිබේ.

තත්ත්වය ඉතා අවදානම් - රෝගීන් ගණන 92,000 ඉක්මවයි

තත්ත්වය ඉතා අවදානම් - රෝගීන් ගණන 92,000 ඉක්මවයි

බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එම අවස්ථාවේ වෙඩික්කරු පැමිණෙන ආකාරය සහ පළායන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි.

කෙසේ වෙතත්, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කරුවන්ගේ සැබෑ ඉලක්කය මියගිය පුද්ගලයා නොව, යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයේ හිමිකරු වන "සඳුන්" නමැත්තා බවයි.

මෙම සඳුන් නමැත්තා 'ID' නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන තිබේ. පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී 'කුඩු අංජු'ගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පලියැනීමක් ලෙස මෙම ප්‍රහාරය සැලසුම් කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සෝමාවතිය රක්ෂිතයේ සතුන් දඩයම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

සෝමාවතිය රක්ෂිතයේ සතුන් දඩයම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද මීට පෙර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් මෙම ගරාජ් හිමියා කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගරාජ් හිමියා ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.