ඩඩ්ලි සිරිසේන දියුණු වුණේ කොහොමද? ඇත්ත හේතුව ඔහුම හෙළි කරයි - ඔබත් තවත් ඩඩ්ලි කෙනෙක් වෙන්න මෙන්න විස්තරේ
ඩඩ්ලි සිරිසේන යනු ලංකාවම දන්නා දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම ලෝකයටම ලංකාවේ නම අරන් ගිය දක්ෂ නිපයුම්කරුවෙක්. ඔහු මිලදී ගන්න වාහන සම්පත් හා ඔහු ගත කරන සුඛෝපභෝගී ජීවන රටාව දකින ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දවසක් මාත් ඒ වගේ සාර්ථක ජිවිතයක් ගත කරනවා කියන එක.
මේක හොදින් තේරුම් ගත් ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ මුහුණු පොතේ ඔහු හැමදාමත් පිළිපැදපු ඔහුගේ දියුණුවට හේතු වුණු මූලික සිද්ධාන්ත පහක් ලාංකිකයන් සමඟ බෙදාගෙන තියෙනවා.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි
එහිදී ඔහු සඳහන් කල අදහස් පහතින්,
"මම හැමදාමත් පිළිපැදපු, මගේ දියුණුවට හේතු වුණු මූලික සිද්ධාන්ත පහක් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න කල්පනා කළා.
- සල්ලි වලට වඩා මම හැමවෙලේම මිනිස්සුන්ගෙ විශ්වාසය හම්බ කරන්න උත්සාහ කළා. මොකද විශ්වාසය ඇති තැන මගේ ව්‍යාපාරය ඉබේම දියුණු වෙන බව මම තරයේම විශ්වාස කළා. විශේෂයෙන්ම මගේ පළමු පාරිභෝගිකයා වුණේ මගේම සේවකයන් වීමත්, මගේ ව්‍යාපාරය ' අප සියලුදෙනාටම අයිති අභිමානවත් ව්‍යාපාරයක් ' ලෙස ඔවුන්ගේ හිත් වලට කාවැද්දවීමත් නිසා මා වටා සේවක මිනිස් පවුරක් නිර්මාණය වුණා.
- මා විසින් ආරම්භ කළ සෑම ව්‍යාපාරයක් වටාම හොඳ update වුණ, මටම ආවේණික system එකක් මම නිර්මාණය කළා. මොකද මම නැතත් කවදකහරි මගේ ව්‍යාපාරය දුවන මට්ටමට ඒවා දියුණු වෙන බව මම දැනගෙන හිටියා.
- ඒ වගේම නිරන්තරයෙන්ම දක්ෂ තරුණ කණ්ඩායමක් මා වටා නිර්මාණය කළා. මොකද තනියම දුවනවට වඩා ටීම් එකක් එක්ක ගමනක් යන එක ගොඩක් ශක්තිමත් බව මම දැනගෙන හිටියා. දැන් ඒකම මගෙ පුතා පවා කරමින් සිටිනවා.
- මගේ Product වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම මම සැළකිළිමත් වුණා. මොකද consistency කියන්නෙම ව්‍යාපාරයක මූලිකම අඩිතාලම බව මම තරයේම විශ්වාස කළා.
- මගේ නිෂ්පාදන වල මිල අඩුකරනවා වෙනුවට එහි වටිනාකම වැඩි කිරීම සහ අගය එකතු කිරීම මම නිරන්තරයෙන්ම සිදුකළා. ඒ වගේම මගේ ව්‍යාපාරයේ සැබෑ කතාව මිනිස්සුත් එක්ක නිරන්තරයෙන්ම බෙදා ගන්න උත්සාහ කිරීම හරහා පාරිභෝගික විශ්වාසය අප කෙරෙහි මා රඳවාගත්තා. ඔන්න ඔය මූලික කරුණු හරහා මම මගේ ව්‍යාපාර ජාලය ආයතන 25 ක් දක්වා අද වෙද්දි දියුණු කරන්න සමත් වුණා.
එහෙනම්, ඔයාල හැමෝටම සුබම සුබ උදෑසනක් වගේම ජයග්‍රහණය පිරුණු දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම."
ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ
