නාවික ප්‍රහාරක යාත්‍රා අනතුර ගැන හොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

Report

අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි.

ඊයේ (15) සිදුවූ මෙම අනතුරින් පසු බේරාගත් නාවික හමුදා නිලධාරීන් 11 දෙනා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද සඳහන් වේ.

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

කෙසේ වෙතත්, අනතුරින් පසු අතුරුදන් වූ අනෙක් නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

මේ අතර, අනතුරට පත් යාත්‍රාව නැවත ගොඩගැනීමේ විශේෂ මෙහෙයුම නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් අද (16) දින ආරම්භ කර තිබේ.

රටේ මේ දිස්ත්‍රික්ක දැඩි අනතුරක - ඔයාගේ දිස්ත්‍රික්කෙත් අහුවෙනවද බලන්න - දැන්ම දැනුවත් වී සුදුසු පියවර ගන්න

රටේ මේ දිස්ත්‍රික්ක දැඩි අනතුරක - ඔයාගේ දිස්ත්‍රික්කෙත් අහුවෙනවද බලන්න - දැන්ම දැනුවත් වී සුදුසු පියවර ගන්න

පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් මෙම මුදාගැනීමේ සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් සඳහා සැලකිය යුතු බාධා සහ අභියෝග එල්ල වී ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.