අවසර නැතුව පාසල් දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයට දැමුවොත් වැඩ වරදී- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තද අනතුරු ඇඟවීමක්

Report

දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව පාසල් දරුවන්ගෙන් අදහස් ලබා ගැනීම, ඒවා පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

මෙම පියවර ගෙන ඇත්තේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිපදෙනෙකු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ලබාදුන් අදහස් වීඩියෝ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඔවුන් සමච්චලයට සහ විවේචනයට ලක්වීම පිළිබඳව මතුවූ කනස්සල්ල හේතුවෙනි.

විභාගයෙන් පසු දරුවන් විසින් සිදු කළ ප්‍රකාශ පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇති අවස්ථා කිහිපයක් නිරීක්ෂණය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.

දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගෙන් නිසි අවසරයක් ලබා නොගෙන දරුවන්ගෙන් අදහස් ලබා ගැනීමට, ඒවා පටිගත කිරීමට හෝ විකාශනය කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර නොමැති බවද අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

රටම හැඩවූ වත්තේගමදී 3 හැවිරිදි සිඟිත්තියට කළ අමානුෂික වධහිංසාව - පියා හඬාවැටෙමින් සමාජ මාධ්‍ය හමුවේ සැබෑ කතාව හෙළි කරයි

රටම හැඩවූ වත්තේගමදී 3 හැවිරිදි සිඟිත්තියට කළ අමානුෂික වධහිංසාව - පියා හඬාවැටෙමින් සමාජ මාධ්‍ය හමුවේ සැබෑ කතාව හෙළි කරයි

එමෙන්ම, දරුවන්ගේ එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍ය ආයතනවලටද අමාත්‍යාංශය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

දරුවන්ගේ පෞද්ගලිකත්වය, ගෞරවය සහ මානසික යහපැවැත්ම ආරක්ෂා කරමින් වගකීමෙන් යුතුව මාධ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද මෙම අවධානය හරහා යළිත් අවධාරණය කර තිබේ