ගාලු මුවදොර වෙරළ තීරය කැළඹූ අභිරහස් මළසිරුර-අනන්‍යතාව තවමත් අභිරහසක්
By Kanchana
ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන ඇත
මෙම මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත .
ඒවගේම මළ සිරුර හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති බව පොලීසිය සදහන් කර තිබේ
පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ පුද්ගලයා රෝස පැහැති අත් දිග කමිසයක් හා කොට කලිසමක් හැඳ සිට ඇති බවයි
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
ඒ වගේම කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.