ඌරු හදවත බද්ධ කෙරුණු පුද්ගලයා අපරාධ නඩුවක චුදිතයෙක්

world news sinhala news gagana news Trending news
By krishani Jan 17, 2022 02:21 AM GMT
krishani

krishani

Report

වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පසුගියදා ඌරු හදවතක් බද්ධ කරන ලද 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මීට වසර 33කට පෙර මිනිසකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට උත්සාහ කළ අපරාධකරුවකු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

වසර 1988දී එඩ්වර්ඩ් ෂූමේකර් නමැති පුද්ගලයකුට ඔහු සත් වතාවක් පිහියෙන් ඇන ඇති අතර, මේ හේතුවෙන් ඔහු ආබාධිතයකු බවට පත් වූ බව පිහි ඇනුමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් අනාවරණය කර තිබේ.

අදාළ පුද්ගලයා 2007 වසරේදී ජීවිතක්ෂයට පත් වූ බව ඔහුගේ බාල සොහොයුරිය ලෙස්ලි ෂූමේකර් රේඩියෝ 4 ගුවන් විදුලි නාලිකාවට ප්‍රකාශ කර තිබේ.

ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පිහි ඇනුමෙන් සිදු වූ තුවාල හේතුවෙන් වසර 20ක් පුරා අතුරු ආබාධවලට ලක් වීම හේතුවෙන් බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

එවැනි දරුණු අපරාධකරුවකු මෙවැනි ඓතිහාසික හදවත් බද්ධ කිරීමකට ලක් වීමට තරම් වටිනාකමක් ඇති පුද්ගලයකු නොවන බව ඇය සඳහන් කර තිබේ.

එහෙත් ඩේවිඩ් බෙනට්ගේ හදවත් සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායම ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කිසිවකුගේ අපරාධ ඉතිහාසය ඔහුට හෝ ඇයට එවැනි සැත්කමක් සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොවන බවය.

1988 වසරේ අප්‍රේල් මාසයේදී එවකට 22 හැවිදිරි වියෙහි පසු වූ ෂූමේකර්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමට බෙනට් විසින් උත්සාහ කරනු ලැබුවේ ඔහුගේ බිරිය සහ ෂූමේකර් අතර අනියම් සම්බන්ධතාවක් පැවැතීම හේතුවෙන් බවත්, ෂූමේකර් පිහි ඇනුමට ලක් වන මොහොතේ බෙනට්ගේ බිරියගේ ඔහුගේ තුරුලේ සිටි බවත් ඇය සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now