පොහොර අර්බුදය මැද කැපෙන ගොයමේ අස්වැන්න සරුද ? අසාර්ථක ද? ආහාර අර්බුදයක් ඇති වෙයි ද? (VIDEO)

trending news gagana news sinhala news sri lanka paddy harvest
By krishani Jan 15, 2022 02:59 AM GMT
krishani

krishani

Report

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.

පැවති පොහොර අර්බුදයත් සමග මහ කන්නයේ අස්වනු අඩුවනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවා ඇති පසුබිමක ගොවිබිමේ සැබෑ තත්ත්වය සොයාබැලීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව පොහොර අර්බුදය මධ්‍යයේ ගොව්බිම් අස්වද්දා මාස 03ක කාලයක් ගතවී ඇති මොහොතක අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිබිම්වල වත්මන් තත්ත්වය සොයා බැලීමට  හැකි විය.

මහ කන්නයේ වගාවන් ආරම්භ කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට සේනානායක සමුද්‍රයෙන් ජලය නිකුත් කෙරුණේ 2021 ඔක්තෝබර් 15 වනදාය.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82,385ක කුඹුරු අස්වැද්දීමට ගොවීන් පියවර ගෙන තිබුණි.

ජලය ලැබීමත් සමග මුලින්ම අස්වද්දා තිබුණේ අක්කරෛයිපත්තුව, හිගුරාන, පැරණිගම, ඉලුක්හේන ආශ්‍රිත කුඹුරු යායන්ය.

මේ වනවිට අම්පාර හෙක්ගල්ඔය ප්‍රදේශයේ අස්වැනු කැපීම ආරම්භ වී තිබේ.

එන්.ජී. නිමල්සිරි මහතාට අයත් අක්කර තුනක පමණ කුඹුරක් වගාකර තිබුණේ ඔහු සතුව ඉතිරිව තිබූ රසායනික පොහොර භාවිතයෙනි.

කුඹුරේ හිමිකරු එන්.ජී. නිමල්සිරි, "තිබුණු පොහොර භාවිත කළේ. වගාවේ අඩුවක් නැහැ. රතු කුඩුයි දියර පොහොරයි දැම්මේ. කාබනික පොහොර ලැබුණේ නෑ. ගිය පාර ඉතුරු පොහොර ටිකක් තමයි දැම්මේ. අස්වැන්නේ අඩුවක් කියන්න තරම් නම් නෑ." කෙසේවෙතත් ප්‍රදේශයේ තවත් ගොවීන් පිරිසක් පෙන්වා දෙන්නේ පැවති පොහොර අර්බුදය හමුවේ මෙම කන්නයේ සිය අස්වැන්න හරි අඩකින් පමණ අඩුවී ඇති බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now