ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමෙන් ඇරඹේ

Report

රුහුණු මහා කතරගම දේවාලයේ 2026 පෙරහැර මංගල්‍යයට සමගාමීව, කතරගම පූජා භූමිය සහ ඒ අවට පරිසරය සුරැකීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් "ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030"නමින් විශේෂ පස් අවුරුදු වැඩසටහනක් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ 2030 වසර වන විට කතරගම පූජා නගරය, පූජා භූමිය සහ බැතිමතුන්ගේ පූජනීය ආකර්ෂණය දිනාගත් මැණික් ගඟ ආශ්‍රිත සමස්ත කලාපයම ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීම ඉලක්ක කර ඇත.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

වසර පුරාම සහ විශේෂයෙන්ම පෙරහැර සමයේදී කතරගම පුදබිම වෙත පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අතින් පරිසරයට එක්වන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග රැසක් මෙමඟින් ක්‍රියාවට නැංවේ.

මෙම ජාතික වැඩසටහන යටතේ බැතිමතුන්, ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, තහනම් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා වැටලීම් ශක්තිමත් කිරීම, පූජා කටයුතු සඳහා පරිසර හිතකාමී විකල්ප ඇසුරුම් හඳුන්වාදීම සහ කසළ කළමනාකරණය සඳහා නවීන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වැනි පියවර රැසක් ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සක්‍රීය දායකත්වය ලබාගැනීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය තුළ ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය හරහා කෘතිම ප්ලාස්ටික් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්මාලා හඳුන්වාදීම, පරිසර හිතකාමී මලු භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ කසළ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම වැනි ඉතා සාර්ථක ප්‍රතිඵල රැසක් ළඟා කරගැනීමට හැකි වූ බවයි.

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම පූජා භූමියට සහ මැණික් ගඟ ඇතුළු ජෛව පද්ධතියට සිදුවන බරපතළ හානිය වළක්වා ගනිමින් තිරසාර පරිසර සංරක්ෂණයක් උදාකර දීම මෙම සමස්ත වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වේ.