මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි පරික්ෂාවට මොරටුව සරසවියට

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට අදාළ නඩු කටයුත්ත මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී, මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (16) යළි කැඳවනු ලැබීය.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

එම වාර්තාවට අනුව, මීගමුව බන්ධනාගාරයේ සවිකර තිබූ සී.සී.ටී.වී.කැමරා පද්ධතියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ඩී.වී.ආර්. දෘඩ තැටි දෙක විශේෂ වෝහාරික වාර්තාවක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝග පරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කළ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

මීට අමතරව, අපරාධය සිදු වූ ස්ථානය වන මීගමුව බන්ධනාගාර පරිශ්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඩ්‍රෝන (Drone) තාක්ෂණය උපයෝගී කරගනිමින් සිතියම්ගත කළ බව ද ඔවුහු සඳහන් කළහ.

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

එමෙන්ම නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති, මියගිය එක් රැඳවියෙකුට අදාළ ලේ සාම්පල සහ ඇඳුම් පැළඳුම් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.