අද පෙරවරු 5.30ට ලංකාවටම නිවේදනයක් - උතුරෙන් පටන් ගෙන බස්නාහිර තෙක් වලංගුයි
අද(17) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද පෙරවරු 5.30ට නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.