මුළු ලංකාවටම බලපාන පරිදි තීරණාත්මක නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවලට ප්‍රබල අවදානමක් සමඟ සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (16) පස්වරු 6.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (17) දිනය පුරා වලංගු වන පරිදි ක්‍රියාත්මක වේ.

ඒ අනුව නැගෙනහිර පළාතේ මෙන්ම මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් 'උණුසුම් දර්ශකය' "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව, ශරීරය විජලනය වීමෙන් වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි නිතර ජලය පානය කිරීම, දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ සැහැල්ලු මෙන්ම ලා පැහැති ඇඳුම් භාවිතයට හුරු වීම ඉතා වැදගත් වේ.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

මීට අමතරව, මෙවැනි අධික උණුසුම් කාලගුණයකදී වඩාත් අවදානමට ලක්විය හැකි වයෝවෘද්ධ පුද්ගලයන්, කුඩා දරුවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් පිළිබඳව මේ දිනවල විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

heat_pdf by madhushani