නවගමුව කැළඹූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
By Kaushi
නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වේ.
එසේම මෙම වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් සිදුකර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පවසයි.