වෙළඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට

Report

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, අද දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.

මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී ඇත්තේ අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීමයි.

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමය.

මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකි බව නවතම අනාවරණය අනුව සනාථ වනවා.

2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?