තෙල් හිඟය ගැන නිහඩව සිටි තෙල් පිර­වු­ම්හල් හිමියන් කට අරියි

Report

මැද­පෙ­ර­දිග කලා­පයේ ඇතිව තිබෙන යුද­මය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟ­යක් ඇතිවේයැයි ජන­තාව තුළ සැක­යක් මතුව තිබු­ණද රටේ බහු­ත­ර­යක් වූ ඉන්ධන පිර­වු­ම්හල්වල ප්‍රමා­ණ­වත් පරිදි ඉන්ධන තිබෙන බව පිර­වු­ම්හල් හිමියෝ සදහන් කර තිබේ.

 තවද ඔවුන් සදහන් කර්න්නේ පෙරේදා (01) සහ ඊයේ (02) දින­වල නිවාඩු දින­යන් වුවත් තම පිර­වු­ම්හ­ල්ව­ලට ඩීසල්, පෙට්‍රල් රැගත් ඉන්ධන බවු­සර් කිහි­ප­යක්ම පැමිණි බවයි.

ඉන්ධ­න­හල් හිමි­යන් පව­සන්නේ දැනට ඉන්ධන හිඟ­යක් නොමැති බවත් ලැබෙන පරිදි සාමාන්‍ය ලෙස ඉන්ධන නිකුත් කරන බවත් සදහන් කර තිබේ.

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගයි - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගයි - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

තවද ඇතැම් ඉන්ධන පිර­වු­ම්හ­ල්වල ඉන්ධන නැතැයි සඳ­හන් දැන්වීම් දමා තිබූ අයුරු දැකගත හැකි විය ඒ වගේම ඇතැම් ඉන්ධන පිර­වු­ම්හල් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබේ.

තෙල් හිඟ­යක් ඇතිවේ යැයි බියට පත්ව ජන­තාව සිය බස් ­රථ, ලොරි, වෑන් රථ මෙන්ම මෝටර් රථ ද, යතු­රු­පැදි, ත්‍රිරෝද රථ ද රැගෙන ඉන්ධන පිර­වු­ම්හල් අසල දිගු පෝලි­ම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි. 

සැක මළ සිරුරක් හමුවේ- අත්පය ගැට ගසා ඝාතනය කර ඇති බවට සැකයක්

සැක මළ සිරුරක් හමුවේ- අත්පය ගැට ගසා ඝාතනය කර ඇති බවට සැකයක්