ඩෙල්ටා ලැම්ඩා අතරට තවත් ප්‍රබල වෛරසයක්

India WHO child mosquito sika vrus
By Sewvandhi Jul 09, 2021 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන, මදුරුවන් මගින් පැතිරෙන සීකා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ වාර්තාවූ බවයි.

මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා.

මෙම වෛරසය පැතිරයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ පෙබරවාරි මාසයේදී හදිසි සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබූ අතර, එය මාස 9 කට පසු ඉවත් කර තිබුණා.

එම කාලසීමාවේදී සීකා වෛරසය හේතුවෙන් කුඩා හිස් සහිතව ඉපදුණු ළමයින් ලොව රටවල් 30කින් වාර්තා වූ අතර බ්‍රසීලය ඒ අතරින් ප්‍රධානයි.

එය හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව සෝදිසියෙන් සිටින බව වාර්තා වනවා.

මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා ළමුන්ගේ මොළය හැකිළෙන රෝගයක් බවටයි වාර්තා වන්නේ.

වෛරසය බොහෝ දුරට මදුරුවන් ගෙන් පැතිර ගියද එය ලිංගිකව ද සම්ප්‍රේෂණය විය හැකි බවයි BBC පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now