එන්නත් ගත් කතුන්ගේ මාසික ඔසප් වීම ගැන අලුතින්ම හෙළිවූ දේ..
Covid-19 ට එරෙහිව එන්නත් කරන ලද කාන්තාවන්ට එන්නත් නොකළ අය හා සසඳන විට ඔවුන්ගේ ඔසප් චක්‍ර කාලය දිනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව එක්සත් ජනපද රජයේ අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
4,000 කට ආසන්න පුද්ගලයන් යොදවා සිදු කරන ලද සහ "ප්‍රසව හා නාරිවේද" ජර්නලයෙහි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව, මෙය හෙළිව ඇත.
පර්යේෂණය මෙහෙයවූ ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කතුවරයා වන ඇලිසන් එඩෙල්මන් ඒඑෆ්පී වෙත පවසා ඇත්තේ එන්නතේ බලපෑම් කුඩා වන අතර තාවකාලික ඒවා වනු ඇතැයි අපේක්ෂා කරන බවකි. '
'එය ඉතා සහනදායී කාරණාවක් මෙන්ම බරපතල ලෙස තැකිය යුතු දෙයක් නොවේ''. ඔහු පවසා ඇත.
මෙම අධ්‍යයනය සමාජ මාධ්‍යවල බහුලව පවතින මාතෘකාව පිළිබඳ එන්නත්-විරෝධී වැරදි තොරතුරු මැඩලීමට ද උපකාර කළ හැකි යයි ඔහු දන්වා ඇත.
ඔසප් චක්‍රෙය් කාලය දිගුවීම සුළු වැඩිවීම් සායනිකව වැදගත් නොවේ. දින අටකට අඩු ඕනෑම වෙනසක් නාරිවේද හා ප්‍රසව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය විසින් සාමාන්‍ය ලෙස වර්ගීකරණය කර ඇත.
ඔසප් චක්‍රෙය් කාලය දිගුවීම සුළු වැඩිවීම් සායනිකව වැදගත් නොවේ. දින අටකට අඩු ඕනෑම වෙනසක් නාරිවේද හා ප්‍රසව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය විසින් සාමාන්‍ය ලෙස වර්ගීකරණය කර ඇත.
ඔසප් චක්‍ර සාමාන්‍යයෙන් දින 28ක් පමණ පවතින නමුත් නිශ්චිත ප්‍රමාණය එක් කාන්තාවකින් තවත් කාන්තාවකට මෙන්ම පුද්ගලයාගේ ජීවිත කාලය තුළද වෙනස් වේ. මානසික ආතතිය ඇති කාලවලදී ද එය වෙනස් විය හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |