අද හවසට කාලගුණයෙන් හදිසි වෙනස්කම්
කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50කට වැඩි ප්‍රමාණයක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකිය.
සෙසු ප්‍රදේශවල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50කට වැඩි තද වැසි ලැබිය හැකි බවත් දැනුම් දී ඇත.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර වේගයකින් තද සුළං හැමවිටම බලපෑමට ලක්විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ එන තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.