සුප්‍රසිද්ධ ගායකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්..

By Piyumika Feb 04, 2025 11:35 AM GMT
Report

කැනඩාවේ පන්ජාබි ගායක ප්‍රේම් ඩිලන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජනපති ට්‍රම්ප් විසින් ගත් තීරණ නිසා තෙල් මිලේ වෙනසක් සිදුවෙයිද...

ජනපති ට්‍රම්ප් විසින් ගත් තීරණ නිසා තෙල් මිලේ වෙනසක් සිදුවෙයිද...

ජයිපාල් බුල්ලාර් කල්ලිය ඒ සඳහා වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 දී පන්ජාබ්හි මාන්සා හි ඛේදජනක ලෙස ඝාතනය කරන ලද අභාවප්‍රාප්ත ගායක සිදු මූස්වාලා සහ සිරගත කරන ලද මැර කල්ලියක් වන ජග්ගු භගවාන්පූරියා ගැන ද ජයිපාල් බුල්ලාර් කල්ලිය සඳහන් කර තිබෙනවා.

අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට..

අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට..

මෙම සටහන සංගීත ක්ෂේත්‍රය තුළ කල්ලියේ බලපෑම තවදුරටත් ඉස්මතු කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ප්‍රේම් ඩිලන් "Boot Cut","Old Skool" සහ "Majha Block" ගීත ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගායන ශිල්පියෙක්.

You may like this video