ඉදිරි පැය 24 සැලකිලිමත් වන්නැයි රටටම දන්වයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - 21 වෙද්දි තත්ත්වය දරුණු අතට
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.
ඒ අනුව අද(19) දින ප. ව. 05.00 ට නිකුත් කර ඇති අඳාළ නිවේදනය බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නිකුත් කර තිබෙනවා.
සැලකිලිමත් වන්න යනුවෙන් දන්වා ඇති එම නිවේදනයේ බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (19) සවස් කාලය වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට වැඩි ඉඩක් ඇති බව සඳහන්.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එසේම එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, 2026 සැප්තැමබර් මස 21 වන දින වන විට නැගෙනහිර - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දිනවලදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩි විය හැක.
එමෙන්ම පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වෙන බව දන්වයි.
ඊට අමතරව ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්