ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා නඩු පවරයි - හේතුව මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ආකාරයට ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ක්‍රිකට් අතුරු කමිටුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව 2025 දෙසැම්බර් 17 වන දින වසර දෙකක කාලයක් වෙනුවෙන් තමන්ව මෙම ධුරයට පත් කළ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන/අතුරු පාලක කමිටුව මඟින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිය පත්වීම නියමිත කාලයට පෙර හදිසියේ අවසන් කර ඇති බවට ඔහු එහිදී සඳහන් කර ඇති බව වාර්තා වේ.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එසේම තමන් සිය අනෙකුත් ව්‍යාපාරික හා වෘත්තීය කටයුතු පසෙකලා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා කැප වූ බවත්, මෙසේ හදිසියේ ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් තමන්ට හිමිවිය යුතු වේතන අහිමි වී බරපතළ මූල්‍ය අලාභයක් මෙන්ම සිය වෘත්තීය කීර්තිනාමයට සහ විශ්වසනීයත්වයට දැඩි හානියක් සිදු වූ බවත් ඔහු පෙන්වා දී ඇති බව සඳහන්.
ඒ අනුව ඉරාන් වික්‍රමරත්න ඇතුළු ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් 9 දෙනෙකු, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත.