ලංකාවට තීරණාත්මක සටනක් - එංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්
එංගලන්ත සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 18.5කදී ලකුණු 124කට සියලු දෙනා දැවී ගොස් ඇත.
ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (19) දින පැවැත්වේ.
කෙසේ වෙතත් පළමු තරග දෙකම ජයගෙන එංගලන්ත කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2ට 0ක් ලෙස ජයගෙන අවසන් අතර එම තරග දෙකේදීම අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැක ගැනීමට නම් අද තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු වේ.
ඉදිරි පැය 24 සැලකිලිමත් වන්නැයි රටටම දන්වයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - 21 වෙද්දි තත්ත්වය දරුණු අතට