රජයේ පාසල් 100ක් වැහෙයි.. ලංකාවෙ අධ්‍යපාන ක්ෂේත්‍රයේ වෙන්න යන විනාසය ගැන රතු එළියක්
ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දී සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව සියයකින් පමණ අඩු වීමට නියමිත බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම දත්ත අනාවරණය කරන බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් වසරේ සමස්ත පාසල් සංඛ්‍යාව 10047ක් වූ අතර ඒ ඒ පළාත්වලින් මේ වන විට අමාත්‍යාංශයට ලැබී තිබෙන දත්ත අනුව එම සංඛ්‍යාව දසදහසකට අඩු බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම පෙර වසරේ (2024) පැවති පාසල් සංඛ්‍යාව 10076ක් ලෙස වාර්තා වේ. කෙසේ වෙතත් සිසුන් අඩු පාසල් වෙනත් පාසල් හා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ මීට හේතු වී ඇති බව සඳහන්.
එසේ ඒකාබද්ධ කළ හැකි පාසල් තුන්සියයක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව ද ඉහත ආරංචි මාර්ග පවසයි.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එමෙන්ම ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය හතරකින් අඩු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව තුන් ලක්ෂ තුන්දහස් හයසිය දා හත් දෙනෙක් ඉකුත් වසරේ විභාගයට පෙනී සිට ඇති අතර මෙවර පෙනී සිට ඇත්තේ අයදුම්කරුවන් දෙලක්ෂ අසූනව දහස් අටසිය හැටහත් දෙනෙක් බව සඳහන්.
එමෙන්ම මෙම සිසුන් පළමු ශ්‍රේණියට ඇතුළත්ව ඇත්තේ 2022 වසරේ දීයි. එම වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇති සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ අනූදෙදහස් පන්සිය දාහතක් බව වාර්තා වේ.
ඉදිරි පැය 24 සැලකිලිමත් වන්නැයි රටටම දන්වයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - 21 වෙද්දි තත්ත්වය දරුණු අතට
ඒ අනුව ද ගත් කල ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව අනුව දෙදහස් හයසිය පනහකගේ වෙනසක් පවතින අතර ඉකුත් 2021 වසරේ දී ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්පන් දහස් එකසිය පනස් අට දෙනෙක් විභාගයට පෙනී සිට ඇති බව සඳහන්.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන්නේ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයන්ට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යා ද වසරින් වසර අඩු වන බවයි.