මා ඔය ඛේදවාචකයක් වෙයි - අතුරුදහන් වූ සිව්දෙනාම ජීවිතක්ෂයට [UPDATE]

Report

බඩල්ගම ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය තරුණයෙකු සහ තරුණියන් තිදෙනෙකු මිය ගොස් ඇත.

ඒ අනුව අද (19) දින පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ අතර, ජීවිතක්ෂයට පත් වූ සිව් දෙනාගේම සිරුරු පොලිසිය විසින් මේ වන විට සොයාගෙන ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් බඩල්ගම ප්‍රදේශයේ ගොවිපළක සේවය කරන බවයි.

මාඔය කැළඹෙයි - තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්

මාඔය කැළඹෙයි - තරුණියන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්

එමෙන්ම එහි සිටි පස් දෙනෙකු මෙසේ මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී එක් තරුණයෙකු දියට බැසීමෙන් වැළකී ඇත.

එහෙත් අනෙක් සිව්දෙනා දිය නෑමට ගිය අවස්ථාවේ දී එක් තරුණියක සැඩ පහරට හසුව ඇති බව සඳහන්.

අනතුරුව දිය නාමීන් සිටි තරුණයා සහ අනෙකුත් තරුණියන් දෙදෙනා සැඩ පහරට හසු වූ තරුණිය මුදා ගැනීමට උත්සහ කිරීමේ දී මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්නැයි රටටම දන්වයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - 21 වෙද්දි තත්ත්වය දරුණු අතට

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්නැයි රටටම දන්වයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - 21 වෙද්දි තත්ත්වය දරුණු අතට

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි