ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුවක් ගැන තොරතුරු රැසක් එළියට.(VIDEO)
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසනවා.
ඉන්දියාවෙන් ආනයනය කරන කාබොප්ලැටීන් නැමැති ඖෂධය ලංකාවේ රුපියල් 14000ත් 18000ත් අතර මිලකට වෙළඳපොලේ විකුණන අතර ඉන්දියාවේ එහි මිල ලංකාවේ මුදලින් රුපියල් 5000ත් 5500ත් අතර මිලක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් මිල දී ගත් නිර්වින්දනය කිරීම සඳහා ගන්නා ඖෂධයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් 100ක් වන නමුත් එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 480කට බව ඔහු අවධාරණය කරනවා.
මේ අතර වෛද්‍ය ජයන්ත බණ්ඩාර වැඩිදුරටත් පවසන්නේ, හිරි වැට්ටීම සඳහා භාවිතා කරන ඖෂධයේ වටිනාකම රුපියල් 97ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 2500කට බවයි.
ඒ අනුව, මෙම දූෂණය නැවතුවහොත් මෙරටට ගේන ඖෂධ ප්‍රමාණය හතර පස් ගුණයකින් වැඩි කර ගත හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |