තවත් අනිවාර්ය බද්දක් නිසා නගරයක් උණුසුම් වෙයි - වෙළදසැල් වසා ලොකු විරෝධයක්

Report

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට විරුද්ධව බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් අද (06) දින වෙළදසැල් වසා උද්ඝෝෂනයක නිරතව තිබෙනවා.

ඒ අනුව උද්ඝෝෂණයේ නිරතව සිටි බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළේ, 2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තිරණය කර තිබෙන බවත්, එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළදසැල්වලින් පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මඟින් එක්රැස් කරන බවට තමන් වෙත දැනුම් දී ඇති බවත් ය.

එබැවින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික ලෙස ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවැනි ප්‍රාදේශීය සභාවක් මඟින් කැලි කසල බද්දක් අය කිරිම අසාධාරණ බවත් උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස අවධාරණය කළා.

එමෙන්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත්, තමන්ට දැනට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මඟින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දීම හේතුවෙන් එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවත් උද්ඝෝෂණයේ නිරත වූ ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළා.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

තවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට අංග සම්පුර්ණ කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක් ඇති බවත්, එම ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ප්‍රදේශයේ එළවලු ගොවීන්ට සහන දායී මිලකට ලබා දී ආදායම් ලබා ගැනීමට අවස්ථාව තිබියදීත්, නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ටින්සින්, පුලියාවත්ත, බගවන්තලාව, කැම්පිය , ඇන්ෆීල්ඩ් , සංචිමලේ යන නගරවල ව්‍යාපාරික ප්‍රජාවගෙන් කසල බද්දක් අය කිරිමට ගත් තිරණය හකුලා ගන්නා ලෙසයි.

එසේම තමන් කිසිසේත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට කසල බද්දක් ගෙවන්නේ නැති බවටත් එම පිරිස පවසා සිටියා. පැයක පමණ කාලයක් වෙළදසැල් වසා උද්ඝෝෂණය අවසන් කිරිමෙන් අනතුරුව නැවත බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇත.

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවලට කසල බද්දක් අය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා විසින් මීට ප්‍රථම නිකුත් කර තිබූ චක්‍රලේකනයේ සදහන් මුදලට වඩා අඩු මුදලක් කසල බද්ද ලෙස අය කිරිමට තීරණය කළ බවයි.

එමෙන්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට මෙම කසල බද්ද අනිවාර්යයෙන් අය කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරකරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මේ මොහොතේ සිට ඉදිරි පැය 24 දක්වා තත්ත්වය භයානකයි - පූර්ව අනතුරු ඇඟවීමක්

මේ මොහොතේ සිට ඉදිරි පැය 24 දක්වා තත්ත්වය භයානකයි - පූර්ව අනතුරු ඇඟවීමක්