නමක් ගමක් දන්නැති ක්‍රීම් ගෑවද? ඔන්න නඩු වැටිලලු

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ විසින් ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකර ශරීරාලේපන ඇසුරුම් සහ විටමින් ඇසුරුම් විකිණීමට ප්‍රදර්ශනය කළ බව කියන වෙළඳසැලක හිමිකරුවකුට රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කිරීමට නියෝග කර ඇත.

විශාල කලබලයක් - පාසල් නිල ඇදුම් සමගම දරුවන් හා මහජනයා විරෝධතාවයක

විශාල කලබලයක් - පාසල් නිල ඇදුම් සමගම දරුවන් හා මහජනයා විරෝධතාවයක

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරකට අනුව කොළඹ 11 දෙවන හරස් වීදියේ වෙළෙඳ සැලක කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව දඩ මුදල් නියම කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පැවසුවේ, අංක 85 දරණ විධානය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු ආනයනකරුවන් සාදන්නන් නිෂ්පාදකයන්, ගබඩාකරුවන් බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන් අන්තර්ජාල භාණ්ඩ අලෙවි කරන්නන් සහ වෙළෙන්දන් විසින් පාරිභෝගිකයා සිල්ලර මිළට ගනු ලබන වෙළෙඳ භාණ්ඩ වල අවසන් ඒකකය අඩංගු වන ඇසුරුමේ, දවටනයේ හෝ බහලුමේ පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල , බර හෝ පරිමාව , නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කල දිනය, කල් ඉකුත්වන දිනය භාවිතයට ඉතා සුදුසු අවසන් දිනය ,සක්‍රීය කාලය , ඛාණ්ඩ අංකය ,කේත අංකය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය හා දුරකතන අංකය සහ ආනයනය කරන ලද්දක් නම් ආනයනික රට ආදිය සඳහන්ව තිබිය යුතු බවයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි