දින 2ක් තුළ වාර්තා වූ 5 වන වෙඩි තැබීම.- රටේ උණුසුම් වාතාවරණයක් මැද අදත් ප්‍රධාන නගරයක වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට.
අද (20) උදෑසන දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ඥාතියෙකු වන 45 හැවිරිදි දෙහිවල නගර සභාවේ සේවකයෙකු වන අනුර කොස්තා නමැත්තෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.
එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
පසුගිය 15 වනදා බඩෝවිට ප්‍රදේශයේදී හා ඊයේ (19) කොහුවල ප්‍රදේශයේදී සිදුකළ පුද්ගල ඝාතන හා අද දිනයේදී සිදුකළ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කරනවා.