5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව CID සහ විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (20) කියා සිටියේ,මෙවර පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බවයි.
දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ ම,එවැන්නක්.
"සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළා. ඒ මූලික පරීක්ෂණ වාර්තාවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණ සිදුකරනවා. ඒ අනුව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා උපදෙස් දුන්නා."