පානදුරේ වෙඩි තැබීමට අණ දුන්නේ කුඩු සලිදු?

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Law and Order Sinhala news
By Mithu Apr 29, 2025 05:53 PM GMT
Mithu

Mithu

Report

පානදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ නිවසක කොටහළු මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයක් අතරතුර අද (29) අළුයම එහි පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

පොලීසිය පැවසුවේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර නිලංග නැමැත්තාගේ සමීප ඥාතියෙකු වන චතුරංග නමැති පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවය. වෙඩික්කරුවන් සිය ඉලක්කය වූ චතුරංග නමැත්තා වෙත වෙඩි තැබීමට උත්සහ කරන අවස්ථාවේ පිරිසක් නර්ථනයේ යෙදෙමින් සිට ඇති අතර ඒ අතරින් අයෙක් ගිනි අවිය මානාගෙන සිටි වෙඩික්කරුට ගලකින් පහරදීමට උත්සාහ දරා තිබේ.

එහිදී වෙඩික්කරු එම පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සිටි තවත් අයෙකුට ද වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ චතුරංග නැමැත්තාට කිසිඳු හානියක් සිදුව නැත. වෙඩිතැබීමෙන් පසුව වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වෙඩික්කරුවන්ට ගලකින් පහරදීමට උත්සහ දැරූ පුද්ගලයා වන අතර ඔහු කසුන් හරිස්චන්ද්‍ර නම් 35හැවිරිදි අයෙකි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 20 හැවිරිදි පුද්ගලයෙකි. මේවන විට අධිකරණය මගහරිමින් අතුරුදන්ව සිටින කුඩු සළිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ප්‍රහාරය මෙහෙයවා ඇති අතර පානදුරේ මත්ද්‍රව්‍ය ජාවාරම කුඩු සළිඳුගෙන් ගිලිහී නිලංග නැමැත්තා අතට පත්වීම වෙඩිතැබීමට හේතුවී ඇති බවට පොලීසිය සැක පළකරයි.

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

කලක් කුඩු සළිඳු සමග එකට සිටි නිලංග නමැත්තා පසුව ඔහුගෙන් වෙන්වී වෙනම මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රවේශවී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හිරණ පොලීසිය විසින් ක්‍රියාත්මක කරයි.

ReeCha