රත්මලානේදී තරුණයෙකුට වෙඩි තබයි..
රත්මලාන ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තාවේ.
පසුගිය 07 වැනිදා බස් රථයකින් ගමන් කළ කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර තිබුණා.
එහි දී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) දහවල් කාලයේ දී හම්බන්තොට වරාය පොලිස් වසමේ තැලවිල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 31 යන වයස්වල පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් අද (10) දින හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
