අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැද්ද? අගමැතිනියට පිටුපාලා ගුරු සංගමය නැගිටලා ගිහින්
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරු සංගම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
මෙම සාකච්ඡාවට සභාපතිත්වය දැරූයේ අධ්‍යාපන අමාත්‍යවරිය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියය.
කෙසේ වෙතත්, සාකච්ඡාව මැදදී උණුසුම් තත්ත්වයක් උදාවී ඇති අතර, ගුරු සංගම් කිහිපයක් එම සාකච්ඡාවෙන් ඉවත්වී තිබේ.
ජෝසප් ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ලංකා ගුරු සංගමයද එම කණ්ඩායම අතරින් එකකි.
අගමැතිනිය සාකච්ඡාව අවසන්වීමේදී ප්‍රකාශ කළේ, ඉදිරියේදී නැවත එක්වී සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාව ඇති බවත්, එහිදී යෝජිත ප්‍රතිසංස්කරණවල සම්පූර්ණ විස්තර ගුරු සංගම් වෙත ලබාදෙන බවත්ය.
සාකච්ඡාව අත්හැර ඉවත්වූ ලංකා ගුරු සංගමය, අමාත්‍යාංශය ඉදිරිපිට මාධ්‍ය වෙත සඳහන් කළේ, කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව, මෙවැනි ගැඹුරු සහ වැදගත් විෂයක පිළිබඳ සාකච්ඡා කිරීම සම්මත ආකාරයකින් තොර බවය.
මෙහිදී ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් පැවසුවේ, ජනාධිපතිවරයා විසින් පාසල් වසා දැමීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්ට දැඩි විරෝධය පළ කරන බවත්, 2018 සිට ක්‍රියාත්මකව තිබුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුව සූදානම්ද යන්නද ප්‍රශ්න කරන බවය.
